පොලිස් උත්තමාචාර මැද පොලිස් කොස්තාපල්වරිය අවසන් ගමන් යයි

අමානුෂික ලෙස පිහියකින් ගෙල කපා සිරුරට ගිනි තබා ඝාතනය කර තිබු පානදුර වළාන දූෂණ මර්ධන අංශ‍යට අනුයුක්තව සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල් 23 හැවිරිදි චන්දිමා ප්‍රිදර්ශනී චන්ද්‍රස්කර මෙනෙවියගේ අවසන් කටයුතු මැද හාලිඇල කැටවල පොදු සුසාන භූමියේදී අද (03) සවස පොලිස් උත්තමාචාර මැද සිදු කෙරුණි.

මරණකාරිය කුඩා කාලයේම මව වෙනත් විවාහයක් කරගෙන වෙන ප්‍රදේශයක පදිංචියට ගොස් තිබු නමුත් අවමඟුලට ඇයද සහභාගි වී ආගමික වතාවත් වල යෙදුණු අතර දැරිය හදා වඩා ගත් ආතම්මා දැඩි සේ කම්පාවට පත්ව සිටින අයුරුද දක්නට ලැබීය.

පානදුර වළාන දූෂණ මර්ධන අංශයේ  සේවයේ කළ පොලිස් නිලධාරිනියකගේ ගෙල පිහියකින් කපා සිරුරට ගිනිතබා ඉකුත් (01) වනදා ඝාතනය කිරිමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *