ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ “ඔබද මාද විය” ගුණ සමරු ප්‍රසංගය ඔක්තෝම්බරයේ සිට

ඔක්තෝබර් මස 23 වැනිදා පස්වරු 7.30 සිට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ 10වැනි ගුණ සමරුව වෙනුවෙන් සංවිධානය කරනු ලබන “ඔබද මාද විය” ප්‍රසංගය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ප්‍රේමසිරි කේමදාස පදනම වෙනුවෙන් ගයත්‍රි කේමදාස සහ අනූපමා කේමදාසගේ මූලිකත්වයෙන් කයිට්ස් ඇන්ඩ් අයිඩියා ආයතනය විසින් ප්‍රසංගය සංවිධානය කර තිබෙනවා.

කේමදාසයන් විසින් සංගීතය නිර්මාණය කළ චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, ඔපෙරා හා සුභාවිත ගීත මෙහිදී රස විඳිය හැකිය. එතුමන්ගේ ශිෂ්‍ය ශිෂාවන් විසින් ගීත ගායනා කරනු ලබනවා. අමල් පෙරේරා, මිහිඳු ආරියරත්න, ප්‍රදීපා ධර්මදාස, සන්ධ්‍යා බුලත්සිංහල, ලෙස්ලි ප්‍රනාන්දු හා ඉන්දිකා උපමාලී ගායනයෙන් මීට දායක වනවා. ගයත්‍රී කේමදාස සංගීතය අධ්‍යක්ෂණය කරනු ලබනවා.

මෙම ප්‍රසංගය රට පුරා පැවැත්වීමට සංවිධායකයින් අපේක්ෂා කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *