“ජනබලය කොළඹට” ඇරඹෙයි – ප්‍රධාන රැස්වීම ලේක්හවුස් වටරවුමේදී

“ජනබලය කොළඹට“ මැයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරන විරෝධතා රැළියේ පාගමන මේ වනවිට ආරම්භ වී ඇත.

පිටකොටුව දෙසින් පාගමන ආරම්භ වීමත් සමඟ මේවන විට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව දෙසට දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබේ.

ප්‍රධාන විරෝධතාව අද(05) පස්වරුවේ කොළඹ ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට නියමිත අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම විරෝධතාවය සඳහා පිටකොටුව බෝගහ ආසන්නයේ දී එක්වීමට නියමිත බවද සඳහන් වෙයි.

එමෙන්ම පිට පළාත්වලින් පිටත් වු ජනතාව රැගත් බස් රථ මේ වන විට කොළඹ නගර වෙත පැමිණෙමින් තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සඳහන් කළේය.

මේ අතර අරලියගහ මන්දිරය අවට හා කොළඹ විශේෂ මහාධිකරණ අසල ආරක්ෂාව තර කර ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *