GMP සහතිකය ලබා ගැනීම අනිවාර්ය කෙරේ

සියලු ආහාර සැකසුම්කරුවන්ට සහ වෙළඳුන්ට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිකුත් කරන යහපත් නිෂ්පාදන පිළිවෙත් සදහා වූ ප්‍රමිති සහතිකය හෙවත් ජී.එම්.පී සහතිකය ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

කිසිඳු වෙලෙන්දෙකු, අදාළ  සහතිකය ලබා නොගෙන සිය කටයුතු සිදු නොකල යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය  පෙන්වාදෙයි.

ආහාර සැපයුම් ආයතන සඳහා යහපත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම නීතිය ලබන වසරේ මාර්තු මස පළමු වන දින සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

කෙසේවෙතත් අයි.එස්.ඕ, එච්.ඒ .සී .සී .පී, එෆ්.එස්.එස්.සී  සහතිකයක් ලබා ඇත්නම් එවිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් නිකුත් කරන සහතිකය ලබාගැනීම අවශ්‍ය නොවන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය  පවසයි.

යහපත් නිෂ්පාදන පිලිවෙත් සදහා වූ ප්‍රමිති සහකිකය හෙවත් ජී.එම්.පී සහතිකය ලබාගැනීම අන්තර්ජාලය ඔස්සේ හෝ සිය ආයතනයට පැමිණ අදාළ අයදුම්පත් පුරවා සිදුකල හැකි බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *