ජනපති කටාර් යාමට නියමිතයි

දෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (24) කටාර් බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් සදහන් කලේ ජනාධිපතිවරයාගේ සංචාරයේදී ජනාධිපතිවරයා එරට රාජ්‍ය නායකයින් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සමඟ ද්වීපාර්ශික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
මිට අමතරව මෙහිදී දෙරට අතර බලපාන ගිවිසුම් 2ක් සදහා අත්සන් තැබීමට නියමිත බව සදහන් කල ජනාධිපති මාධ්‍ය අංශය බලශක්ති සහයෝගිතාවය හා රාජ්‍ය තාන්ත්‍රික සබදතා යන ක්ෂේත්‍රයන් ඊට අදාල වන බව සදහන් කළේය.
කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවී ඔවුන්ගේ ගැටළු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් සදහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *