මෝටර් රථයක් දුම්රියක ගැටී 4ක් මරුට

වවුනියාව, ඕමන්තේ පන්ඩ්‍රික්කෙයිදකුලම් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් තිබේ.

ඉන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

අද උදෑසන 10.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී බව හෙළිව තිබේ.

යාපනය සිට මාතර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුමිරියේ ගැටීමෙන් අනතුර සිදු විය.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ තුවාලකරුවන් රෝහල්ගත කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *