මරුදමඩු දේවස්ථානයට අළුතින් පත්වූ භාරකාර පියතුමා වැඩ බාර ගැනිමේ උළෙල යුද හමුදාවේ ප්‍රධානත්වයෙන්

මන්නාරම ඓතිහාසික මරුදමඩු දේවස්ථානයට අළුතින් පත් වූ බාරකාර පියතුමා වන ජෙසී සෝසෙයි පියතුමාගේ වැඩබාර ගැනීමේ උළෙල යුද හමුදාව විසින් පළාතේ කිතුණු බැතිමතුන්ගේ සහය ඇතිව සිදුකරන ලදී.

වන්නි ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් මත මෙම උළෙල සංවිධානය කරන ලද්දේ ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීම, ආගම් අතර සහයෝගීතාවය වර්ධනය කරවීම හා යුද හමුදාවත් සාමාන්‍ය දෙමළ ජනතාවත් අතර  සමීප සම්බන්ධතාවයක් ගොඩනැගීම යන අරමුණු සපල කරගැනීම පිණිසය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *