ගලහ රෝහල යළි විවෘත කරන්නැයි ඉල්ලා විරෝධතාවක

ගලහ රෝහල යළි විවෘත කරන්නැයි ඉල්ලමින් ප‍්‍රදේශවාසීන් පිරිසක් අද (16) ගලහ නගරයේදී විරෝධතාවක නිරත විය‍.

රෝහල දින නියමයක් නොමැතිව වසා දැමුණේ අවුරුදු එකහමාරක දරුවෙකු ගලහ රෝහලේදී මියයාමත් සමග පිරිසක් එම රෝහලට අලාභහානි සිදු කර වෛද්‍යවරුන්ට පහරදීමට ගත් උත්සහය හේතුවෙනි.

මෙම රෝහල වසා දැමීම හේතුවෙන් අවට ප‍්‍රදේශවල ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ. එම නිසා ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් ගලහ රෝහල විවෘත කර දෙන ලෙසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *