හිටපු ජනපතිගේ පුතුන් දෙදෙනා ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට

ඊජිප්තු හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනා කොටස් වෙළෙඳපළ කටයුතු අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත  එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊජිප්තු මාධ්‍ය අනාවරණය කරන්නේ 57 හැවිරිදි ඇලා මුබාරක් සහ 54 හැවිරිදි ගමාල් මුබාරක් යන හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයින් දෙදෙනාට එරට කොටස් වෙළෙඳපලේ සහ මහ බැංකුවේ නීති රීති කඩ කළ බවට චෝදනා එල්ල වී ඇති බවයි.

එරට අධිකරණය සිද්ධියට අදාළව චෝදනා එල්ල වි තිබු තවත් පුද්ගලයින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *