සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරු දෙකක් ගුහාවකින් හමුවෙයි

රාගල සෙන්ලෙනාඩි උඩ කොටසේ ඝන කැළෑවක, ගල් ගුහාවක් තුළ තිබී සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.

මොවුන් දෙදෙනා සතුන් දඩයම් කිරීම සඳහා ඊයේ දිනයේ නිවෙස්වලින් පිටව ගොස් තිබේ.

රාගල සෙන්ලෙනාඩි වත්තේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු සහ මැදවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරු අද පෙරවරුවේ මෙලෙස සොයා ගත් බව පොලීසිය පැවසුවේය.

මළ සිරුරු සොයා ගත්, ගල්ගුහාව තුළ තිබී මොවුන් දෙදෙනා සමග ගිය සුනඛයෙකු ද මිය ගොස් සිටියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ මොවුන්, ඉත්තෑවන් දඩයම් කිරීම සඳහා ගල් ගුහාව තුළට දුම්ගසා පසුව ගුහාව තුළට ඇතුළු වීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බවටය.

සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර රාගල පොලීසියේ මෙහෙය වීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *