ග්වන්ජු බලා යාමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය ප්‍රමාද වෙයි

කුණාටු තත්ත්වයක් හේතුවෙන් ග්වන්ජු ගුවන් තොටුපල තාවකාලිකව වසා දැමීම නිසා කොළඹ සිට කැන්ටන් (ග්වන්ජු) බලා අද (16) යාමට  නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යූ.එල් 880 දරණ ගුවන් යානය පැය 11 ක් පමණ ප්‍රමාද වී ගමන් ආරම්භ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

නැවත මෙම ගුවන් යානය හෙට (17) අලුයම 1.30 ට ග්වන්ජු බලා පිටත්වීමට නියමිත අතර ග්වන්ජු ගුවන් තොටුපලේ තත්ත්වය මත ගුවන් යානය තවදුරටත් ප්‍රමාදවිය හැකි බව එම ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *