අම්මාගෙයි මිතුරාගෙයි අනියම් පෙම ගිය දුරක්

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් හරි අපූරු සිදුවීමක් වාර්තා වෙයි.  අදාළ සිදුවීම නම් තම මව සමග අනියම් සබඳතාවයක් පැවැත්වූ තම මිතුරාගේ හිස කපා පොලිසියට රැගෙන ගිය තරුණයකු පිළිබඳවයි.

Girish නැමැති 35 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර ඝාතනය සිදුකර ඇත්තේ 24 හැවිරිදි  Pashupati නම් තරුණයායි.

ප්‍රදේශවාසීන් පවසන්නේ මීට වසර 3කට පමණ පෙර සිටම මොවුන් දෙදෙනා අතර මෙම ආරවුල් ඇති වූ බවත් මිතුරාට තම මව සමග තිබෙන අනියම් සම්බන්ධය නැවැත්වීමට කිහිප වරක්ම පැවසූ බවත්ය.

කෙතරම් පැවසුවත් කිසිම ප්‍රතිඵලයක් නොමැති වීම හේතුවෙන් පසුගිය දිනෙක මෙම තරුණයා මිතුරාගේ හිස කපා කිලෝමීටර් 20ක් පමණ දුරින් තිබෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *