ඉන්දියාවෙන් බිහිවන ළාබාලතම ක්‍රිකට් තරුව අද වාර්තා අතරට

අද (04) සිය මංගල ටෙස්ට් තරඟයේදීම ටෙස්ට් ශතකයක් රැස්කළ ළාබාලම පිතිකරුවන් අතර එක්වීමට ඉන්දීය යොවුන් පිතිකරු ප්‍රිත්වි ෂෝ සමත් වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් හා ඉන්දීය කණ්ඩායම සමග අද ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේදියි.

මෙහිදී පන්දු 154කට මුහුණදුන් ප්‍රිත්වි ෂෝ ලකුණු  හතෙර් පහර 19ක්ද සමගින් අගනා ලකුණු 134ක් රැස්කළා.

ප්‍රිත්වි ෂෝ ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ශතකයක් රැස්කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වුණා.

මේ වන විට තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 275ක් රැස්කරගෙන සිටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *