“ජාතියක අනාගත ආයෝජනය ගුරුවරුන් ය” ලෝක ගුරු දිනය අදයි

ලෝක ගුරු දිනය සමරණ මේ මොහොතේ එය  නිර්මාණයේ සාඩම්බර අයිතිය ඇත්තේ අප රටට විම අප කාගෙත් අමානන්දනයට හේතුවකි. ගුරුවරුන්ට වෙන්වු දිනයක් ඉල්ලා සිටියේ   ලංකාවේ ගුරු වෘත්තීය සමිති නායකයෙකු වූ එම්.පී.මෙන්ඩිස් මහතා විසිනි එතුමා විසින් ජාත්‍යන්තර ගුරු දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් 1993 දී ලෝක ගුරු සංසදය වෙත කරන ලද ඉල්ලීම ලෝකයටම පොදු ගුරු දිනයක් සැමරීම සඳහා එකඟත්වයක් ඇති වීමට මූලික හේතුව විය.

ඒ අනුව ඔක්තෝම්බර් 5 ලෝක ගුරු දිනය ලෙස නම් කෙරෙන්නේ යුනෙස්කෝ ආයතනය හා ලෝක කම්කරු සංවිධානය එක්ව ලෝක ගුරු ප‍්‍ර‍්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුනු 1966 ඔක්තෝම්බර් 05 දින සිහිපත් කරමිනි.

ඒ අනුව ප්‍රථම වරට ලෝක ගුරු දිනයක් සමරනු ලබන්නේ 1994 ඔක්තොම්බර් 6 දී ය.

ලෝක ගුරු දිනයට සමගාමී ව මෙවර මෙරට ජාතික උත්සවය “ජාතියක අනාගත ආයෝජනය ගුරුවරුන් ය” යන තේමාව යටතේ 2018 වසරේ දී ගුරු ප්‍රතිභා ප්‍රභා ජාතික උත්සවය ඔක්තෝබර් 5 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් ව පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම  ජාතික උලෙළේ දී විදුහල්පතිවරුන් 107ක්,  ගුරුවරුන් 255 ක් පරිවේණාධිපතිවරුන් 06ක් හා  පරිවේණාචාර්යවරුන් 12ක් ඇතුළුව 380 දෙනෙක් ප්‍රණාම ලැබීමට නියමිතව ඇත .

ලොක ගුරු දිනය  ලොව සැම රටකම එකම දිනක සැමරිම නොකරණ අතර ඒඒ රට වලට ආවේනික වු වැදගත් පුද්ගලයින් හා අධ්‍යාපනයේ විශේෂ අවස්ථා යොදාගෙන සමරණු ලබයි

එ් අනුව ඉන්දියාව ලෝක ගුරු දිනය සමරණු ලබන්නේ එරට අධ්‍යාපනයේ විශිෂ්ඨයකු වන ආචාර්ය සාර්වපල්ලි රාධක්‍රිෂ්නන්ගේ උපන්දිනය යෙදෙන  සැප්තැම්බර් 5 දිනයයි

ආර්ජන්ටිනාව විසින් සැප්තැම්බර් 11 දිනදී සමරන්නේ ඩොමින්ගො ෆොස්ටීනෝ සර්මියන්තෝගේ මරණය සිදුවු දිනනයයි

ඉන්දුනීසියාව ගුරු දිනය සමරණු ලබන්නේ  නොවැම්බර් 25  දිනයයි

අප රටේද ඔක්තොම්බරු 6 හා පහ යන දිනයන්වල ගුරු දිනය අතිතයේදි සමරා ඇති අතර මෙවර අද සිකුරාදා 5 සමරයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *