එංගලන්ත – ශ්‍රි ලංකා දෙවන පුහුණු එක්දින ක්‍රිකට් තරඟයට වර්ෂාවෙන් බාධා

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය තිබූ දෙවන පුහුණු එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කර තිබේ.

ඒ, තරගය පැවැත්වෙන කොළඹ පී සාරා ඕව්ල් ක්‍රීඩාංගණයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙනි.

මීට සුළු මොහොතනට පෙර තරගයේ ප්‍රධාන විනිසුරුවන් දෙපළ පී සාරා ඕවල් ක්‍රීඩාංගණයේ තණතිල්ල පරීක්ෂා කිරීමේ අනතුරුව මෙලෙස තරගය අතහැර දැමීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඊයේ කණ්ඩායම් දෙක අතර පැවැති පළමු පුහුණු එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් හා ලුවිස් න්‍යායාට අනුව ලකුණූ 43 කින් ජය ගැනීමට සමත් වුනේ සංචාරක එංගලන්ත කණ්ඩායමයි.

දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය දිවා රාත්‍රි තරගයක් ලෙස එළඹෙන 10 වන දා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත ය.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *