හයිටි රාජ්‍යයට භූ කම්පනයක්

හයිටි රාජ්‍යයේ දකුණු දිග ප‍්‍රදේශයට මැග්නිටියුඞ් ඒකක 5.9ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. දකුණු දිග වෙරළ කලාපයේ කිලෝ මීටර් 11.7ක පමණ ගැඹුරු භූ පතුලේ එහි කේන්ද්‍රය සටහන් වී ඇති බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ.

භූකම්පනයෙන් ගොඩනැගිලි රැසකට ද දැඩි අලාභහානී සිදුව තිබේ.

භූ කම්පනය හමුවේ ප‍්‍රදේශ දෙකකින් පුද්ගල මරණ 11ක් වාර්තා වී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා දරුවෙකු ද වන බව සඳහන්.

තවත් පුද්ගලයින් 130 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යවාර්තා කළේය.

2010 වසරින් පසු හයිටි රාජ්‍යයට බලපෑ ප‍්‍රබලතම භූ කම්පනය මෙයයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *