සෞදි මාධ්‍යවේදියෙක් අතුරුදහන් වෙයි

නමින් ජමාල් කෂෝගි වන සෞදි අරාබි ජාතිකයෙක් වන අමෙරිකාවේ වොෂිංටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු හදිසියේ අතුරුදන්වීමේ සිද්ධිය මේ වනවිට රාජ්‍ය තාන්ත‍්‍රික අර්බුදයක් දක්වා දික්ගැස්සෙන ලකුණු පළ වී තිබේ. ඒ, එම මාධ්‍යවේදියා ස්ථාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්ව ඇති බවට තුර්කිය චෝදනා කිරීමත් සමගයි.

සිය බිරිදගෙන් දික්කසාද වීමට අදාළ ලිපි ලේඛන ලබා ගැනීමට සෞදි කොන්සල් කාර්යාලයට යාමෙන් අනතුරුව ඔහු අතුරුදන්ව ඇත. ඔහුගේ වත්මන් තුර්කි පෙම්වතිය පවසන්නේ තමන් පැය 11ක් තිස්සේ සෞදි කොන්සල් කාර්යාලය ඉදිරිපිට බලා සිටියද තම පෙම්වතා නොපැමිණි බවයි.

අදාළ මාධ්‍යවේදියා සොයා තමන් ද මෙහෙයුම් සිදු කරන බව චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් සෞදි අරාබිය පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *