ICC හදිසියේ කඩා පැන ක්‍රීඩකයින්ගේ දුරකථන පරීක්ෂා කරයි

අයි සී සී දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ (08) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටින දඹුල්ල කන්ඩලම හෝටලයට පැමිණ එහි සිටි  ක්‍රීඩකයින්ගේ ජංගම දුරකතනද පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය ලබන බදාදා (10) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර මේ දිනවල පැවැත්වෙන පුහුණුවීම් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ලට පැමිණ සිටියි.

තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළාත් පුහුණුකරුවන්ගේ ප්‍රධානියා (Head of Provincial Coaches) ලෙස කටයුතු කරන හේමාල් මෙන්ඩිස්ගෙන් අද (08) ප්‍රශ්න කර තිබෙනවා.

ඔහු ක්‍රිකට් ආයතනයේ සිටි අවස්ථාවේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් 3 දෙනෙකු පැමිණ ඔහු ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් තිබෙනවා.

අන්තර් ජාතික ක්‍රරිකට් කවුන්සිලයේ නිලධාරීන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුද ක්‍රිකට් ආයතනයට පැමිණ ඇති බව වාර්තා වෙයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *