ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන සංවත්සරය

ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය මගින් සංවිධානය කරන ලද හමුදා ධජ රැගත් විදි පා ගමනක්  පසුගියදා වවුනියාවේදි පැවත්විණි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම  හමුදා ධජ රැගත් විදි පා ගමන සංවිධානය කොට තිබුණි.

වවුනියාව මන්නාරම මාර්ගයේ පට්ටානිච්චූර් මහා විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කරන ලද පා ගමන එම මාර්ගය ඔස්සේ වවුනියාව නගරය හරහා ඒ 09 මාර්ගයට පිවිස 211 බල සේනා මුලස්ථානය වෙත ගමන් කොට අවසන් විය.

මෙම අවස්ථාවට 211 බල සේනාධිපති කර්නල් තාරක රත්නසේකර මහතා ඇතුළුව යුද හමුදාවේ ජ්‍යේෂඨ නිලධාරින් හා සෙසු නිල නිලයින්ගෙන් සමන්විත භට පිරිස් එක්ව සිටි අතර පා ගමන සඳහා දෙවන කාන්තා බලකාය හා දෙවන විජයබා රෙජිමේන්තු භට පිරිස්ද එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *