මිල සූත්‍රය මටවත් තේරෙන්නේ නෑ- මුදල් ඇමති

මේ වනවිට රටේ වෙළෙඳපොළ අවුල්වීමට සෘජුව බලපාන කරුණක් බවට මිල සූත්‍රය අනුව අස්ථාවර කර ඇති ඉන්ධන මිල හේතුවී ඇත. කොයි වෙලාවෙ කුමක් වැඩිවේද යන්නත් මිල සූත්‍රය ආදේශ කරවන අය ජනතාව නොදන්නා අතර ඊයේ හෙළිවූයේ මුදල් ඇමතිවරයා පවා මිල සූත්‍රය ගැන හරිහැටි නොදන්නා බවයි.

මෙම මිල සූත්‍රය අනුව සිදුවන වෙනස්කම මුදල් අමාත්‍යංශයට අයත් නිලධාරීන් කණ්ඩායමක් මගින් සකස් කර තමාට දැනුම් දෙන බව මුදල් ඇමති මංගල කියා සිටියේය. ඔහුට වාර්තා වන පරිදි සූත්‍රය අනුව ඉන්ධන මිල දිගටම වැඩිවන බවත් ලබන 2019 පෙබරවාරියේ පමණ අඩුවීමක් අපේක්ෂා කරන බවත් එහිදී කියා ඇත.

ඊයේ (09) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ,

“ඒකෙ මූලික පදනම තමයි සිංගප්පූරු ෆ්ලාට්ස්ට් ප්‍රයිස් එකයි ඩොලරයේ අගයයි. ඒ දෙක ගොනු කරගෙන තමයි ඒක හැදෙන්නේ. ජනතාව අවුල් වියවුල් වෙන්න විදියක් නෑ. කරන දේවල් හැමදේම අපි තේරුම් ගන්න ඕනේ නැහැනේ.

‘ඔය මිල සූත්‍රය කිව්වොත් තමුන්නාන්සෙලාගෙ මොළේ ඔයිටත් වඩා අවුල් වෙයි. මොකද මටවත් ඒ මිල සූත්‍රය තේරෙන්නෙ නැහැ.‘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *