හෙල්මට් නැතිව අකිල විරාජ් බයික් එකෙන් පාර්ලිමේන්තු ගිය හේතුව

පාර්ලිමේන්තු පාරේ පැවති වාහන තදබදය හේතුවෙන් යතුරුපැදියක නැගී වැස්‌සේ තෙමි තෙමී රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුවූ බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ඊයේ (09 වැනිදා) පාර්ලිමේන්තුවට පැවසීය.

පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රශ්න තුනකට පිළිතුරු දීමට තිබූ බැවින් කල්වේලා ඇතිව පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වූවත් රාජගිරිය අසල පැයකට වැඩි කාලයක්‌ රැඳී සිටීමට සිදු වූ බව ද ඇමැතිවරයා කීවේය.

එම නිසා තමන් වාහනයෙන් බැස පාර්ලිමේන්තුව දෙසට ආ යතුරුපැදියක නැගී පාර්ලිමේන්තුවට පැමිණි බව ද ඇමැතිවරයා කීවේය.

“මාර්ග තදබදය නිසා මට වෙලාවට එන්න බැරිවුණා. පැයක්‌ රාජගිරියේ. ඊට පස්‌සේ මෝටර් සයිකලයක්‌ නවත්වාගෙන ඒකේ නැගලා ආවේ වැස්‌සේ තෙමි තෙමී. පාර්ලිමේන්තු දවස්‌වල වාහන තදබදය ගැන අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටිනවා” යෑයි ඇමැතිවරයා කීවේය.

විශ්‍රාමික රාජ්‍ය සේවකයන් පාර්ලිමේන්තු පාරේ උද්ඝෝෂණයක්‌ පැවැත්වීම හේතුවෙන් මෙලෙස වාහන තදබදය දැඩි වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *