රොනී ලීච් මහතාගේ දේහය අද දිවයිනට

ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වන අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහය ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට අද මෙරටට රැගෙන ඒමට නියමිත ය.

පවුලේ ඥාතියෙකු පවසා ඇත්තේ, දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 6.00 සිට හෙට පස්වරු 2.00 දක්වා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන බව ය.

ඉන් අනතුරුව දේහය ගල්කිස්ස ක‍්‍රිස්තුදේව දෙව් මැදුරේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදී හෙට පස්වරු 3.00ට සිදු කිරීමට නියමිතව තිබේ.

සංගීත ප‍්‍රසංගයකට සහභාගී වීමට ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ගොස් සිටි රොනී ලීච් මහතා ප‍්‍රසංගය නිම කර යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් පසුගියදා මිය ගියේ ය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *