පිඳුරංගල දී නිරුවත පෙන්නු සැකකරුවන් නිදහස්

පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම හේතුකොටගෙන, අධිකරණයට ඉදිරිපත් කළ තරුණයින් තිදෙනා නිදහස් කොට තිබේ.

ඒ දඹුල්ල දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ විසින් ඡායාරූපය ලබා ගත් තරුණයාට තරයේ අවවාද කොට මුදා හැරීමටයි නියෝග කර ඇත්තේ වරද පිළිගැනීමෙන් අනතුරුව වරදකරුවන්ට තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1500ක මුදලක් ගෙවන ලෙස නියම කර තිබේ.

නඩුවේ තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා මෙහිදී  කියා සිටියේ තරුණයින්ගේ අනාගතය පිළිබඳව සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ලබාදුන් බවයි

පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් මොවුන් දඹුල්ල පොලීසිය මගින් පසුගිය 26දා අත්අඩංගුවට ගනු ලැබුවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *