IOC ඉන්ධන මිලත් ඉහළට

ඉහළ දැමු ඉන්ධන මිලත් සමඟ ඉන්දියන් ඔයිල් සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 155ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රෙල් ලීටරයක මිල රුපියල් 172ක් වන බව ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කළේය.

නව මිල සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 129ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 141ක් වන බව ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කළේය.

මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගනු ලැබූ තීරණය දැනුම්දීමත් සමඟ ඊයේ රාත්‍රී බොහෝ ඉන්ධන අළෙවි සැල්වල ඉන්ධන බෙදා හැරීම සිදු නොකර ඇත.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *