මයිකල් නිසා 13ක් මිය යයි

ඇමෙරිකාවේ වයඹ දිග ෆ්ලොරිඩාවට බලපා ඇති “මයිකල්” සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ගංවතුර, ගස් හා ගොඩනැඟිලි කඩාවැටීම් හේතුවෙන් සිදුවූ අනතුරු වලින් මියගොස් තිබේ.

සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරීඩාහි පුද්ගලයින් තුන්ලක්ෂ හැත්තෑ දහසක් පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

වසර සියයකට පමණ පසුව ඇමෙරිකාවට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය වන අතර සුළි කුණාටුවත් සමග ඇතිවූ වැසි හේතුවෙන් වයඹ දිග ෆ්ලොරිඩාවේ මුහුදුබඩ නගර කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මයිකල් සුළි කුණාටුව මේ වන විට ඇලබාමා හා ජෝර්ජියාව දෙසට ගමන් කරමින් සිටින බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *