රොනී ලීච් මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ

ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පියකු වූ අභාවප්‍රාප්ත රොනි ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ඊයේ දහවල් ඔහුගේ දේහය ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට දිවයිනට රැගෙන එනු ලැබීය.

බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 2.00 දක්වා තැන්පත් කර තිබේ.

ඉන් අනතුරුව දේහය ගල්කිස්ස ක‍්‍රිස්තුදේව දෙව් මැදුරේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදී පස්වරු 3.00 ට සිදු කිරීමට නියමිතව වේ.

මිය යන විට 65 වන වියේ පසු වූ රොනි ලීච් මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

සංගිත ප‍්‍රසංගයකට සහභාගීවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ගොස් සිටි රොනී ලීච් මහතා ප‍්‍රසංගය නිමකර යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය දා මිය ගියේ ය.

1973 වසරේදී ගායන ක්ෂේත‍්‍රයට පිවිසි රොනී ලීච් මහතා 1981 වසරේදි සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගිත කණ්ඩායමට ගායකයකු ලෙස එක්විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *