තම පුතු සමග ඇති වූ ආරවුල හේතුවෙන් මව ගිං ඔයට පනී

අද (11) සවස වෙන්නප්පුව දුම්මලදෙණිය ගිං ඔය පාලම මතින් ගිං ඔයට පැන අංක 55, උතුරු දුම්මලදෙණිය පදිංචි තෙරෙස් ප්‍රියංකා නැමැති 47 හැවිරිදි කාන්තාවක් දිවි නසා ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

මරණකාරිය සිය පුතා සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවත් ඇයට මානසික ආබාධ තත්ත්වයක්ද  තිබු බවත් පරික්ෂණවලදි අනාවරණය වි ඇති බවත් පොලීසිය පවසයි.

ගිං ඔයට පැන ඇති කාන්තාව දැක ඇති පිරිසක් ඇය ගොඩට ගෙන ත්‍රීරෝද රථයකින් ලුණුවිල රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඇය ඒ වන විටත් මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේය.

මෘත ශරිරය ලුණුවිල ප්‍රාථමික රෝහලේ තබා ඇති අතර මියගිය කාන්තාවගේ මරණ පරික්ෂණය පැවැත්විමට පොලිසිය කටයුතු යොදා ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *