යාපනයේ තවත් ස්ථානයකින් මිනිස් අස්ථි කොටස් හමුවේ

යාපනය,අච්චුවේලි මාර්ගයක් ආසන්නයේ විදුලි කණු සිටුවීමට වළවල් හැරී‍මේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් ඊයේ (11) හමුව ඇති බව යාපනය අච්චුවේලි පොලිසිය පවසයි. අච්චුවේලි පත්තමේනි සූසෙයප්පර් වීදිය ප්‍රදේශයේ විදුලි කණු සිටුවීමට වළවල් හැරීමේදී අදාළ අස්ථි කොටස් හමුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත ලද තොරතුරු මත පොලිසිය අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළ බවද පොලිසිය පැවසුවා. පොලිසිය පැවසුවේ යාපනය මල්ලාකම් අධිරණයේ නියෝග යටතේ යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අදාළ ස්ථානය සම්බන්ධයෙන් හෙට (12) පරීක්ෂා කිරීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *