ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුතු ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වඩුක්කෝට්ටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වඩුක්කෝට්ටෙයි පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ව්‍යාජ මුදල් නෝට්ටු තොගය යතුරුපැදියකින් ප්‍රවාහන කරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඔවුන් සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 21ක් සහ රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් සොයාගෙන තිබෙන අතර නෝට්ටු මුද්‍රණය කිරීම සදහා යොදාගත් ලැප්ටොප් යන්ත්‍රයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද පොලිස් බාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුදුකුඩිඉරිප්පු හා යාපනය යන ප්‍රදේශවල 31 සහ 35 හැවිරිදි පදිංචිකරුවන් දෙදෙනෙකි.  ඔවුන් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *