වල්ලපට්ටා සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(12) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .

 

මොහු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .ඔහු බහරේන් හරහා ඩුබායි බලා පිටත්ව යන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. .

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුනක මෙම රුපියල් 23 ලක්ෂයක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්රෑම් 23 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ශ්‍රී ලංකා රේගුව මේ සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

 

   

 

    

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *