නව අගවිනිසුරු  ලෙස නලීන් පෙරේො පත් කරන්න ජනපතිගේ යෝජනාවට අනුමැතිය

නව අගවිනිසුරු ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් කරන ලද නාම යෝජනාවට අද දහවල් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිය නිගමනය ජනාධිපතිවරයාට දන්වා යැවූ බව ය.

නලීන් පෙරේරා මහතා මහේස්ත්‍රාත් අධිකරණයේ සිට අධිකරණ ධූරාවලියේ ඉහළට පැමිණ ඇති අයෙකු වන අතර 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්ව තිබේ.

වත්මන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද සිය ධුරයෙන් විශ්‍රාම ගැනිමට නියමිතයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *