සැමියා දමා බිරිඳ පණ රැකගත්ත දුම්රිය අනතුර

ගාල්ල පොලිස් වසමේ නාගරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දී අද(12) උදෑසන 6.25 ට පමණ දුම්රිය අනතුරක් සිදුව තිබේ.

අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වු මන්දගාමී දුම්රියේ කාර් රථයක් ගැටී ඇති අතර, ඉන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වු ගින්තොට ප්‍රදේශයේ පදිංචි අයෙකි.

කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ ද මෝටර් රථය තුළ සිට ඇති අතර, ඇය දුම්රිය ඈතින් පැමිණෙන අයුරු දැකීමෙන් පසු මෝටර් රථයේ වම්පස දොර විවෘත කර ඉන් පිටතට පැමිණ දිවි බේරා ගෙන තිබේ.

දුම්රිය හරස් මාර්ගයේ තාවකාලික පදනම මත ගේට්ටු මුරකාරියක් සිට ඇති අතර, ඇය විසින් මෙම මෝටර් රථයට දුම්රිය හරස් මාර්ගය හරහා නොයන ලෙස සංඥා කර තිබේ.

නමුත් එය නොතකා මෙය හරස් මාර්ගයට ඇතුළු කර ඇති අතර, එහි දී මෙම අනතුර සිදුව තිබේ.

ගාල්ල පොලීසිය අනතුර පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *