OPPO ස්මාර්ට්ෆෝන් premium කාණ්ඩයේ ප්‍රමුඛයා ලෙස නම්කෙරේ

OPPO ස්මාර්ට්ෆෝන් lower premium කාණ්ඩයේ ප්‍රමුඛතම දුරකථනය ලෙස counetrpoint පර්යේෂණ ආයතනය නම් කර තිබේ. වෙළඳපල තරඟකාරීත්වය මත ඉදිරියට පැමිණිමට OPPO  සමත් වීමට මෙය නිදසුනකි. සමස්ත අලෙවිය අතරින් 95%ක්ම තම මවු රට වන චීනයේදී වන අතර ඉදිරියේදී ලොව පුරා තරුණ පරපුර අතර පැතිරෙමින් දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගනී.

අප සෑම විටම උත්සහ කරන්නේ නව තාක්ෂණයන් පාරභෝගිකයන් වෙත සමීප කරමින්, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමයි. ඉහළපෙලේ ස්මාර්ට් වෙළඳපල තුළ මෙතරම් ප්‍රගතියක් අත්පත් කරගැනීම counetrpoint  වාර්තාව අනාවරණය කිරිම අපට මහත් සතුටක්.oppo සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි බොබ් ලී මහතා පැවසීය.

2018 දෙවැනි කාර්තුව තුළ ස්මාර්ට්ෆෝන් දුරකථන වෙළඳපලේ 7% වර්ධනය වී ඇති බවත්, දුරකථන අපනයනය වැඩි ඇති බවත් counetrpoint වාර්තාව දැනුම් දී තිබේ.ඩොලර් 400-600 මිල පරාසයේ ස්මාර්ට් ෆෝන් අපනයනය වෙළඳපල 10% හිමිකම් කීමට oppo සමත් ව ඇත.ඉහළ පෙළේ ස්මාර්ට්ෆෝන් සදහා චීන වෙළදපලේ ප්‍රථම ස්ථානය Apple වෙත හිමිව ඇති අතර දෙවැනි ස්ථානය  oppo වෙත හිමිව ඇත. මෑතකදී දියත් කල Find x දුරකථනය මේ වන විට සියළු දෙනා අතර ප්‍රශංසාවට ලක්ව ඇත.Metallic වර්ණය සහ Glass Gradient සහිතව හදුන්වා දුන් R series දුරකථන පෙළ සහ Vooc Flash Charging තාක්ෂණය සහ Multi Gradeint වර්ණ සහිත OPPO F9 දුරකථනයද මෙහිදි සිහිපත් කල යුතුය.

 

2018 වසරේදිද විශේෂාංග රාශියක් OPPO හදුන්වා දී තිබේ.  Super Vooc Flash Charging තාක්ෂණය, Panoramic Arc තිරය, AI-enhanced 3D කැමරාව,TOF සහ 3D structured light තාක්ෂණය මේ අතරින් ප්‍රධාන වේ.Stanford University සමග හවුල්කාරීත්වයකට එළඹ 5G ස්මාර්ට්ෆෝන් හදුන්වා දීම සදහා අභ්‍යන්තර මට්ටමින් පර්යේෂණ කර තිබේ.OPPO නිෂ්පාදන සහ දෘඪාංග වැඩිදියුණු කිරිම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒ වෙනුවෙන් ලොව පුරා පර්යේෂණ සංවර්ධන සහ නිර්මාණ මධ්‍යස්ථාන සමඟ සම්බන්ස වී කටයුතු කර ඇත. මෙම නව්‍යකරණය නිසා OPPO ජාත්‍යන්තර මට්ටමින් පේටන්ට් බලපත්‍ර 32000 කට අධික සංඛ්‍යාවක් අයදුම් කර ඇත.

දැනට රටවල් සහ කලාප 30කට අධික සංඛ්‍යාවක ව්‍යාපාර කටයුතු කරන OPPO සමාගමේ නිෂ්පාදන ලොව පුරා අලෙවිසැල් 400,000 කින් මිලදි ගත හැකි වේ.තාක්ෂණය සාම්ප්‍රදායික සීමාවෙන් ඔබ්බට ගෙනගොස් එය කලාවක් බවට පත් කරමින්, පාරිභෝගික අවශ්‍යතා නිවැරදිව සපුරාලීමට කටයුතු කිරිම OPPO හි සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවක් වී ඇත.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *