මංගල ඇඳුමෙන් කළගුණ දැක්වූ බ්‍රිතාන්‍ය රජ කුමරිය

බ්‍රිතාන්‍ය මහ රැජි‍ණගේ මිණිබිරියක වන යුජින් කුමරියගේ විවාහ උත්සවය එංගලන්තයේ වින්ඩ්සර්හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී පැවැත්විණි.

රජ උරුමයේ නව වැන්නේ පසුවන ඇය විවාහ වූයේ, දිගු කලක් සිය පෙම්වතා වූ ජැක් බෲක්ස්බෑන්ක් සමග ය.

එලිසබෙත් මහ රැජිණ, ෆිලිප් කුමරු ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් සමග නළු, නිළියන්, ගායක, ගායිකාවන් ඇතුළු ආරාධිතයින් 850 දෙනෙක් මෙම උත්සවයට සහභාගි වූහ.

යුජින් කුමරියගේ මංගල ඇඳුම කෙරෙහි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. ඒ, ඇය සුවිශේෂී අරමුණක් වෙනුවෙන් එය නිර්මාණය කිරීම හේතුවෙනි.

එම මංගල ඇඳුම ඇගේ කොඳු ඇට පෙළ හොඳින් පෙනෙන පරිදි සකස් කර තිබූ අතර ඇය පැවසුවේ, “මම අවුරුදු 12 දී කොඳු ඇට පෙළ ආශ්‍රිතව ශල්‍යකර්මයකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ මට උදව් කරපු සියලු දෙනාට කළගුණ සැලකීමක් ලෙසයි මම මේ ඇඳුම නිර්මාණය කළේ” යනුවෙනි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *