කුඩා වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් 3ක් මිය යයි

කුඩා දරුවෙකු ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු මධ්‍යම ජර්මනියේ කුඩා වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් සිව් දෙනෙකු යානයේ ගමන් ගත් පුද්ගලයින් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අනතුරට හේතුව මේ වන තෙක් අනාවරණය කරගෙන නොමැති අතර අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වයක් පැවැති බව සඳහන් වේ.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම අනතුරින් 56 හැවිරිදි ගුවන් නියමුවා ද තුවාල ලබා ඇති අතර කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *