තායිවාන් දුම්රිය අනතුරින් 18ක් මරුට. 137කට තුවාල

තායිවානයේ යිලාන් ප‍්‍රදේශයේ අද (21)සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. තුවාල ලබා ඇති සංඛ්‍යාව 137ක්. අධිවේගී දුම්රියක් පීලි පැනීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ වනවිට එහි ගමන්ගත් මගීන් සංඛ්‍යාව 366ක්. දුම්රියේ සියලූ මැදිරි පීලිපැනීමට ලක්ව ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කරන බවයි එරට දුම්රිය බලධාරීන් පැවසුවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *