උඹ නම් යකෙක් මල්ලී…. උඹේ අත කැඩුණ කියන්නේ අපේ අත කැඩුණ වගේ…. ඉක්මණට සනීප වෙලා වරෙන් මල්ලී….

ගුරුගොඩ ඔයට වැටීමෙන් පසුගිය 18 වැනිදා සිදුවූ අනතුරක් පිළිබඳ පසුගිය දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක්වී තිබුණි.

කෑගල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ පිංදෙණිය පාලම අසලින් මෝටර් රථයක් ගුරුගොඩ ඔයට වැටීමෙන් පසුගිය 18 වන දින පස්වරුවේ සිදුවු අනතුරකින් තිදෙනෙකු ( මව/පියා/පුතා ) තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

එම අනතුරෙන් කාර් රථය පැදවූ තරුණයාගේ අත බිඳි ගොස් තිබෙනවා.

එහෙත් එලෙස ඔහුට බරපතළ තුවාල සිදුවුවත් එම අවස්ථාවේ තම මව්පියන් ගැන සිතූ තරුණයා බිඳුන අත එල්ලෙද්දි තම මව්පියන් රෝහල වෙත රැගෙන යාමට ගත් උත්සහය ගැන අනතුරෙන් දින කිහිපයකට පසු ඔහුගේ මිතුරෙකු ෆේස්බුක් ගිණුමට මෙලෙස සටහනක් තබා තිබුණා.

උඹ නම් යකෙක් මල්ලී..

කාර් එක කන්දෙන් පහලට වැටෙන වෙලාවේ උබ උබ ගැනවත් හිතන්නෙ නැතුව තාත්තා බේරගන්න අත දැම්මේ නැත්තම් අත කුඩු වෙන්නෙ නෑ මල්ලී.. කාර් එක පහලට වැටුනට පස්සේ කුඩු වෙලා එල්ලෙන අත ගැන හිතන්නෙ නැතුව අම්මයි තාත්තයි කාර් එකෙන් එලියට අරගෙන අඩි 50ක් විතර කන්ද නැගල පාරට එක්කරගෙන ඇවිත් කැඩිලා එල්ලෙන ලේ ගලන අත දැකල මිනිස්සු බයවෙලා උබව hostital ගිනියන්න හදද්දි මිනිස්සුන්ට කෑ ගහල ලොකු අමාරුවක් නැති අම්මවයි තාත්තවයි මුලින් තිබුන වහනේ hospital එකට යවපු උබ යකෙක් බන්..

operation theater එකට යවන්න කලින් පැය 12 ක් උබට hospital එකේ වෝඩ් එකේ ඉන්න උනා.උබේ අත දැකල අපිට කෙදිරි ගෑවෙද්දි උබ ලොකු වේදනාවක් දරාගෙන ආපු හැමෝමත් එක්ක හිනා වෙවී කතා කරා මල්ලී.. පැය 6 ක operation එකෙකින් අතේ අස්ථි විදල ඇන 12 දාල plates දාල අත හදල ward එකට ගෙනල්ල සිහිය ආවට පස්සේ පොඩි operation කරපු ලෙඩ්ඩු වේදනාවෙන් කෑ ගහද්දි කෙදිරි ගාද්දි උබ අපිත් එක්ක හිනාවෙවී රටේ ප්‍රශ්න ගත්ත ආතල් ගැන කතා කරේ මල්ලී… ඒ වෙලාවෙ උබ ලග හිටිය මමයි Thamara අයියයි කතා උනේ උබනම් යකෙක් කියල මල්ලී… උබේ අත කැඩුන කියන්නේ අපේ අත කැඩුන වගේ Keshawa මල්ලී… ඉක්මනට සනීප වෙලා වරෙන් මල්ලී …අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න ඉස්සරහට.. ආදරෙයි උබට අපි හැමෝම.!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *