යම් යම් අවස්ථාවලදී මට ආවේගශීලිව කතා කරන්න උනා – ජනපති ජාතිය අමතයි

පසුගිය 26 වෙනිදා මම ගත්ත තීරණය 2014 වසරේ නොවැම්බර් මාසයේදී ගනු ලැබූ තීරණයට වඩා තීරණාත්මක දෙයක් වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතා කියා සිටිනවා.  

රටේ දුෂණය වංචාව ප්‍රබල උනා. එක්සත් ජාතික පක්ෂය ඇතුළු සිවිල් සංවිධාන 49ක් ගිවිසුම් ගත වුණා. ඒ ගිවිසුම සම්පුර්ණයෙන්ම විනාශ වුණා. මිට දින කිහිපයකට කළින්  සේනානායක ගුණ සැමරීමේදී මම කියූ කතාව ඔබලාට මතක ඇති. සේනානායකවරුන්, ජේ. ආර්. ජයවර්ධන ඇතුළු දේශපාලන නායකයින් කෙතෙරම් රට වෙනුවෙන් කැප වුණාද? මම දැනුත් ප්‍රාර්ථනා කරනවා එදා එක්සත් ජාතික පක්ෂයේ සිටි දේශපාලන නායකයින් මෙන් රනිල් වික්‍රමසිංහ මහතා දරදඬු තීන්දු තීරණ ගන්න පෙළඹුණා. ඔහුගේ සමිපත් පිරිසක් සමග පමණයි සාකච්ජා කරලා තීරණ ගනු ලැබුවේ. පසුගිය වසර තුනහමාර තුළ අප දෙදෙනා අතර දේශපාල ප්‍රතිපත්ති වෙනස්කම් මෙන්ම සංස්කෘතික නොගැලපීම් දක්නට ලැබුණා.

මම ඔහුට අවස්ථා කිහිපයකදී කිව්වා අපි එකට වැඩ කරමු කියලා. නමුත් හැට දෙලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තුව කඩ කළා.

යම් යම් අවස්ථාවලදී මට ආවේගශීලිව කතා කරන්න උනා. ආණ්ඩුව තුළ, පක්ෂ නායක රැස්වීම වලදී මම කෙතරම් ඉවසීමෙන් සිටියාද දන්නේ මාගේ හෘද සාක්ෂියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *