2020දී ලොවක් බලා සිටි සිහිනයක් යථාර්තයක් වීමට සූදානම්

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 1912 වසරේදී විනාශයට පත්වූ ටයිටැනික් නෞකාවට සමාන තවත් නෞකාවක් නැවත නිර්මාණය කරමින් 2020දී ගමන් ආරම්භ කිරීමට සූදානම් බවයි.

ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන ක්ලිව් පැල්මර් විසින් නිෂ්පාදනය කරන “ටයිටැනික් 02” නම් නෞකාවේ විශේෂත්වය වන්නේ ටයිටැනික් මුල් නෞකාවට සමාන තාක්ෂණික මට්ටමේ ඉහළ යාමයි.

2012දී මොහු විසින් ටයිටැනික් 02 නෞකාව නිෂ්පාදනයට කටයුතු සූදානම් කළද චීන රජය හා නිෂ්පාදිත සමාගම අතර ඇති වූ මත ගැටුම් හේතුවෙන් එම ව්‍යාපෘතිය අත්හැර දැමීමට සිදුවුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු පවසන පරිදි මෙම නෞකාව පළමුවැනි ටයිටැනික් නෞකාව මෙන්ම, සෞතැම්ටන් සහ නිව්යෝර්ක් බලා ගමන් කිරීමට සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *