OPPO A7 දුරකථනය ලඟදීම ලංකාවට

OPPO Sri lanka සමාගම මෙම මස අගදී නව OPPO A7 දුරකථනය හදුන්වා දීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරයි. වඩා බලවත් බැටරියක්, අලංකාර නිමාවක් මෙන්ම කැමරා සදහා කෘතීම බුද්ධි තාක්ෂණයද සහිත මෙම දුරකථනය පාරිභෝගිකයන්ට සහනදායි මිලකට ලබාගත හැකිවෙයි.

ක්ෂේත්‍රයේ බලවත් බැටරියක් සමඟ සහනදායි මිලට හදුන්වා දුන් OPPO A Serius දුරකථන පෙළ ආරම්භයේ පටන් වැඩියෙන්ම අලෙවිවන දුරකථනය බවට පත්ව තිබේ. කෘතිම බුද්ධි තාක්ෂණය සහිත (AI)  සහිත 16 mega fixel ඉදිරිපස කැමරාවක් සහ 2.0 හා 13mp+2mp ද්විත්ව පසුපස කැමරාද 4230mAh විශාල ප්‍රමාණයේ බැටරියක්ද ඇතුළුව අතී නවීන විශේෂාංග රැසක් සහිත තාත්වික සහ අලංකාර සෙල්ෆි ඡායාරූප ලබාගැනීමේ හැකියාව සහිත OPPO A7 දුරකථනය පාරිභෝගිකයින් බෙහෙවින් ජනප්‍රිය වනු ඇත.

මෙම විශේෂාංග සමඟින් සහනදායි මිලකට මෙවැනි දුරකථනයක් නොතීබීම තරුණ පරපුරට අඩුවක්ව පැවතීණි. OPPO A7 දුරකථනය එම අඩුව සැපිරෙයි. ආරෝපණය දිගුකල් පවතින බැටරිය නිසා රිසි සේ දවස පුරා ඡායාරූප ගැනීමට පුළුවන් බව OPPO Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි බොබ්  ලී මහතා පැවසිය.

මෙහි සුවිශේෂි Waterdrop Screen සැළසුම තුළ ඉදිරිපස රිසිවරය, කැමරාව සහ ලයිට් සෙන්සරය ඉතා කුඩා සුථනයක ස්ථානගත කරඇති නිසා දුරකථනයට අලංකාරයක් ලැබී ඇති අතර දර්ශනය තිරය සදහාද වැඩි ඉඩක් හිමිව තිබේ. මෙහි කැමරාව සහ ෆ්ලැෂ් ලයිට් යොදා ඇත්තේ ජල බිංදු 02ක් එකිනෙකට යාවෙන ආකාරයෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *