තුවක්කුකරුවෙක් පාසලකට ඇතුළු වී සිසුන් 79ක් සමග ගුරුවරුන් තිදෙනෙක් පැහැර ගනී

කැමරූන් රාජ්‍යයේ බමෙන්ඩා නගරයේ පිහිටි පාසැලකට ඇතුළුවූ තුවක්කුකරුවෙක් එම පාසලේ සිසුන් 79 දෙනෙකු සහ ගුරුවරුන් තිදෙනෙකු පැහැරගෙන එම පිරිස නගරයෙන් පිටත පිහිටි වන ලැහැබකට රැගෙන ගොස් ඇති බව තොරතුරු වාර්තාවී ඇත.

මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇති අතර පාසැල් සියල්ල වසා දමා ඇති බවත් සඳහන් වෙයි.

ඔවුන්ගේ ඥාතීන් අතුරුදන් පිරිස සොයාදෙන මෙන් ඉල්ලමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඇතැම් පිරිස් චෝදනා කරන්නේ බෙදුම්වාදී කණ්ඩායමක් මෙම සිදුවීම පිටුපස සිටින බවටයි.

කෙසේ නමුත් අදාළ බෙදුම්වාදී කණ්ඩායම එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *