මිස් කෝල් පෙම නිසා 13 හැවිරිදි දැරියට කළ අපරාධය

මාදම්පේ තඹගල්ල වත්ත ප්‍රදේශයේ පදිංචි 9 වසරේ ඉගෙනුම ලබන සිසුවියක් නිවසින් අතුරුදන් වී ඇති බවට පසුගිය දිනක දැරියගේ මව මාදම්පේ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.  එම පැමිණිල්ල ගැන පොලිසිය විසින් වැඩිදුර සොයා බැලීමේදී මෙම දැරිය මාදම්පේ ඉස්සන්මැඩිල්ල ප්‍රදේශයේ අයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බව හෙළිවිය. මාසයකට පමණ පෙර දැරියගේ දුරකථනයට ලැබුණු මිස් කෝල් එකක් මගින් මෙම ප්‍රේම සම්බන්ධය පටන් ගෙන ඇත.  

මෙසේ මිස් කෝල් එකට ප්‍රතිචාර දැක්වූ දැරිය සැකකරු සමග කතා කරගත් පරිදි දෙමාපියන්ට නින්ද යෑමෙන් පසු නිවසේ තිබෙන යතුරුපැදියෙන් ගොස්‌ සැකකරු හමුවී ඔහු සමග සැකකරුගේ නිවසට අලුයම 2.00 ට පමණ පැමිණ තිබේ.

පසු දින සැකකරුගේ නිවසේ දිවා කාලය ගත කර තිබෙන අතර එදින රාත්‍රියේ ඔහු ඇයව තොඩුවාව ප්‍රදේශයට කැඳවාගෙන ගොස්‌ එම ප්‍රදේශයේ මාළු වෙළෙඳපොළේ රාත්‍රිය ගත කර ඇති අතර එහිදී  ඔහු ඇයව දූෂණය කර තිබේ.

පසුව අලුයම තොඩුවාව සිට සැකකරු දැරිය සමග ඔහුගේ නිවසට පැමිණෙමින් සිටියදී දැරියගේ දෙමාපියන් ඔවුන් අල්ලාගෙන මාදම්පේ පොලිසිය වෙත ගෙනැවිත් භාරදී ඇත.

වයස අවුරුදු 13 යි මාස 10 ක්‌ වූ බාලවයස්‌කාර දැරියක්‌ අපහරණය කර දූෂණයට ලක්‌ කිරීම සම්බන්ධයෙන් 20 හැවිරිදි මෙම සැකකාර තරුණයා මාදම්පේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර වින්දිත දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා රෝහල්ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *