චන්දිමාල් පිළිබඳ තීරණයකට එළඹෙනවා

පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ගේ ආබාධ තත්ත්වය අනුව ඉදිරි ටෙස්ට් තරගාවලදී ඔහු පිළිබඳ තීරණයකට එළඹෙන බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මහතා පවසයි.

පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව ලකුණු 200කට පමණ දැවී යන්න පුළුවන් නොවන තණතීරුවක් නොවන බවයි.

මෙම තරගයේදී වැරදි තීරණ ගොඩක් ගත් බවත් මේ වන සංචාරක එංගලන්ත කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩක් පිටුපසින් සිටින බවත් පිතිකරණ පුහුණුකරු එහිදී අණාවරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *