“ශ්‍රී ලංකාව අවදානමකට ලක්වූ කාලයන් හි දී රට, ජාතිය හා ආගම සුරක්ෂිත කිරීමට කැප වූයේ මහා සංඝරත්නයයි”

– අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ  ආචාර්ය  විජයදාස රාජපක්ෂ මැතිතුමා

අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ  ගුණ සමරු උත්සවය අද (08) කෝට්ටේ ශ්‍රී  නාග විහාරයේදී පැවැත්වුණා.

නාග විහාරයේ ස්ථාපිත සෝභිත හිමිපාණන්ගේ පිළිරුවට මහා සංඝරත්නය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ  ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා විසින් පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.

ශ්‍රී ලංකාව අවදානමකට ලක්වූ කාලයන් හි දී රට, ජාතිය හා ආගම සුරක්ෂිත කිරීමට කැප වූයේ මහා සංඝරත්නය බවයි, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ  ආචාර්ය  විජයදාස  රාජපක්ෂ මැතිතුමා මෙහිදී ගුණ සමරු උත්සවය අමතමින් සඳහන් කළේ.

පසුගිය දශක හතරක පමණ කාලය තුළ  ශ්‍රී ලංකාවේ දේශපාලනික සමාජීය හා සංස්කෘතික කටයුතුවල දී  මාදුළුවාවේ සෝභිත හිමිපාණන් සංඝරාජ හිමිනමක් ලෙස ශ්‍රේෂ්ඨ නායකත්වයක් ලබාදුන් බවයි, අමාත්‍යතුමන් මෙහිදී පෙන්වා දුන්නේ.

ජාති ආගම් භේදයකින් තොරව කටයුතු කළ,  මාදුළුවාවේ සෝභිත හිමිපාණන් රට ජාතිය ආගම අනතුරකට මුහුණ දුන් සෑම අවස්ථාවක ම මුලින්ම පෙරට පැමිණි නායකත්වය ලබා දුන් බව ද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ  ආචාර්ය  විජයදාස  රාජපක්ෂ මැතිතුමා මෙහිදී සිහිපත් කර සිටියා.

පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමිපාණන් සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය ද මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *