රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 ක් මිය යයි

අැමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තවුසන්ඩ් ඕක්ස්හි රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 ක් මිය ගොස් තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිස අතර එරට පොලිස්  නිලධාරියෙකු ද වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

රාත්‍රී  සමාජ ශාලාවට ඇතුලු වූ පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එම පුද්ගලයා පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනිමට නොහැකි වී ඇති අතර වෙඩි තැබූ පුද්ගලයා ද මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් කැලිෆෝනියා ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *