උතුරු නැෙගනහිර සංවර්ධනය සදහා වන විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි….

උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සදහා ජනාධිපතිතුමා විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය සිව් වන වරටත් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, නැගෙනහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද, උතුරු, නැගෙනහිර ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *