බස් ගාස්තු සියයට 02කින් පහලට- අද සිට ක්‍රියාත්මකයි

පෞද්ගලික බස් ගාස්තුව සියයට 02කින් පහල දමා තිබේ.

අද(09) සිට මෙය ක්‍රියාත්මක වන අතර  පසුගියදා ඉන්ධන මිල අඩු කිරීමට නව රජය පියවර ගැනීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි.

ජාතික ගමනා ගමන කොමිශන් සභාවේ පැවති මෙම සාකච්ඡාවට එහි සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටි අතර මෙම සාකච්ඡාවට බස් සංගම් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් එක්ව සිටි අතර එහිදී බස් ගාස්තු සියයට 02 කින් පහත දැමීමට එකඟතාව පලවිය.

කෙසේවෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *