වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණය මුහුණ ගැටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට

මාතලේ දඹුල්ල මාර්ගයේ යුධ හමුදා කඳවුරක් අසලදි වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණය මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබු යතුරු පැදිකරු නාවුල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 53 හැවිරිදි අළුත්ගම මනන්වත්ත පදිංචි සුනිල් කරුණාරත්න යන අය වේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *