මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිමට සම්බන්ධ සැකකරුවෙකු හික්කඩුව ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ ඝාතනය සිදුව තිබුණේ ඉකුත් සැප්තැම්බර් මස 23 වනදා හික්කඩුව තැපැල් කාර්යාලය ඉදිරිපිටදීයි. මෙහිදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණි.

එම ඝාතනය සැලසුම් කිරීම සහ ආධාර අනුබලදීමේ වරදට මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි හික්කඩුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. සැකකරු ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (09) ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *