තිස්ස අත්තනායකගේ විදෙස් ගමන් තහනමත් ලිහිල් කෙරේ

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කරුණු දැක්වූ තිස්ස අත්තනායක මහතාගේ නීතිඥවරයා තම සේවාදායකයාට සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා මේ මස 17 වනදා සිට 27 දක්වා කාලසීමාව තුළ ජපානයේ සංචාරය කිරීමට අවශ්‍යව පවතින බව කියා සිටියේය.

එම නීතිඥවරයා සිදු කළ ඉල්ලීම සැලකිල්ලට ගත් විනිසුරුවරයා තිස්ස අත්තනායක මහතාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණය සමයේ කූට ලේඛනයක් ප්‍රදර්ශනය කර ජාතීන් අතර සුහදතාව කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවට තිස්ස අත්තනායක මහතාට චෝදනා එල්ල වී තිබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *